Wednesday, November 24, 2010

JAVA SRILANKA 2010

Yeah we finished it successfully

http://www.itshed.org/pcjttv/
තොරතුරු තාක්ෂණ මං පියසේ නිම් වළලු ප්‍රසාරණය කරන අභිමානවත් ලෝක ජාවා සමුළුවට සහාභාගී වූ ඔබ සැමට අපගේ ගෞරවනීය ප්‍රණාමය....
Thank you every one who participated in our big event JAVA SRI LANKA EXHIBITION AND WORLD CONGRESS
Please comment about our exhibition
Thank you.

Wednesday, November 17, 2010

ළමයා සහ මාධ්‍ය


ළමයා සහ මාධ් අතර අති සමීප සම්බන්ධතාවක්පවතී. ළමයාගේ ජීවිත කෙරෙහි ආධ්යාත්මික හා භෞතික වශයෙන් හැඟීම්, හැසිරීම්, ආකල්ප ආදී වශයෙන් බලපෑම් කරයි. ළමයාගේ ආකර්ෂණීය මාධ් රූප මාධ් වේ. සාමාන් ගණන් බැලීම අනුව ලොව දරුවන් දිනකට පැය දෙකක්තුනක්අතර කාලයක්රූපවාහිනිය ඉදිරියේ ගත කරයි. අවම වශයෙන් පැය 25 ක්පමණ මාධ් සමඟ ළමයින් ගැවසෙන බව පැහැදිලි කෙරේ. විශ්ව සමාජය තුළ අවුරුදු 6 - 12 අතර ළමුන් වඩාත් පරිහරණය කරන්නේ සංගීතය, වීඩියෝ ක්රීඩා සහ රූපවාහිනියයි. ඇමෙරිකාවේ වයස අවුරුදු 2 - 17 අතර ළමුන් වීඩියෝ ක්රීඩාවේ යෙදේ.

රූප මාධ් සහ පරිගණක පරිහරණය වර්තමානයේ විශේෂ ස්ථානයක්ගෙන තිබේ. රූපවාහිනිය, ගුවන් විදුලිය, සිනමාව සහ පුවත්පත් වැනි සම්මත ජනමාධ් ඉක්මවා පරිගණක තාක්ෂණය මාධ් තුළ සමාජ මාධ් බිහි වී ඇත. අතරින් යූ ටියුබ්, මේල්, ෆේස්බුක්වැනි ක්රම ළමයාට ආකර්ෂණීය වී තිබේ.

සන්නිවේදන මාධ් හිතකර සහ අහිතකර ලෙස බලපාන බව විද්යාඥයන් හඳුනාගෙන ඇති අතර එම බලපෑම කෙටි කාලීන සහ දිගු කාලීන වශයෙන් සහ සෘජු සහ වක් ආකාරයෙන් පුද්ගලිකව හෝ සමාජයීය වශයෙන් බලපාන බව විද්යාත්මකව පැහැදිලි කෙරේ.

කිසිදු මාධ් තාක්ෂණයක්නරක හෝ හොඳ හෝ ලෙස හැඳින්විය නොහැකි අතර, භාවිත කෙරෙන ආකාරයන්ට අනුව ඒවායේ වන හොඳ හා නරක තීරණය කෙරේ.

කවර හෝ මාධ්යයක්තුළින් ළමයා කෙරෙහි වන බලපෑම ප්රධාන වශයෙන් ආකාර තුනක්දැකිය හැකිය. හැසිරීම් කෙරෙහි වන බලපෑම, ආකල්ප කෙරෙහි වන බලපෑම සහ හැඟීම් කෙරෙහි වන බලපෑම් ලෙස විශ්ලේෂණය වේ. ස්වීඩනය, ඩෙන්මාර්කය වැනි රටවල් රූපවාහිනී ප්රචාරක උපක්රම උදෙසා ළමා රඟපෑම් සහ ළමා චරිත භාවිතය තහනම් කොට ඇත. එසේම එම රටවල් ඇතුළුව නෝර්වේ, ඔස්ටේ්රලියාව, බෙල්ජියම, කැනඩාව වැනි රටවල් ළමයින් සඳහා වන දැන්වීම් ප්රචාරය තහනම් කොට තිබේ.

මනෝවිද්යාත්මකව සලකා බැලෙන විට මාධ් බලපෑම අනුකාරකවාදීව සිදුවන බව තහවුරු කෙරේ. ඇමරිකාවේ පැය 3 කට වරක්වෙඩි තැබීමකින් ළමයෙකු මිය යයි. විනාඩි පහකට වරක්ප්රචණ් ක්රියා සම්බන්ධයෙන් ළමයෙක්අත්අඩංගුවට ගන්නා බව හෙළි වී තිබේ. එක්ප්රධාන හේතුවක්ලෙස මාධ් බලපෑම හේතු වන බව පෙන්වා දේ. බටහිර බොහෝ රූපවාහිනී වැඩසටහන්වලින් 60% - 70% ත් අතර ප්රචණ්ඩත්ව දර්ශන බහුල ලෙස දැකිය හැකිය.

මාධ් මගින් ඉදිරිපත් කෙරෙන විනෝදාශ්වාදය තුළ ප්රචණ්ඩත්වය බහුලව දැකිය හැකි බව හඳුනාගත් තවත් මතයකි. හැඟීම් උද්දීපනය, අසංවේදීතාව. විරේචනය සහ ව්යාප්ත කිරීම ආදී ක්රම ළමයා සහ මාධ් අතර ඇති බලපෑම් සම්බන්ධතාව පවත්නා අයුරු විද්යාත්මක විෂය ඔස්සේ අධ්යයනය කළ හැකි බව අප අවබෝධ කොට ගත යුතුය.

නව මාධ් සංදේශ ළමයා වෙත නව සංකේතාත්මක ලෝකයක්මවා පායි. අන්තර්ජාල තාක්ෂණය මගින් ළමයාට කරනු ලබන බලපෑම් බොහෝය. අතරින් වීඩියෝ ක්රීඩා සහ ඩිජිටල් ඡායාරූප මගින් වැඩි බලපෑමක්එල්ල කරනු ලබයි. එම බලපෑම් යහපත් සහ අයහපත් අයුරින් සමාජවල සංස්කෘතික පවුල් සබඳතාවයනට සාපේක්ෂව ඇතිවන බව පැහැදිලි කරුණකි.

අන්තර්ජාලය පරිහරණයෙන් සාම්ප්රදායික ළමයා තුළ පැවැති දැනුමේ පරතරය අවම කරයි. ලෝකය පුරා පවතින විවිධ වු පොදු දැනුම මෙන්ම විෂය අවබෝධයට අවශ් දැනුම ඉතා පුළුල් ලෙස මෙම සන්නිවේදන ක්රම ඔස්සේ දැන ගත හැකිය. වීඩියෝ ක්රීඩාවේ යෙදෙන ළමයාට පරිගණක භාවිතය පිළිබඳ අවබෝධය ලැබීමට එය රුකුලක්වන බවත් ඊට අමතරව විනෝදය එක්අරමුණක රැඳීම එක්ඉලක්කයක්කරා යැම, ගැටලු නිරාකරණය, තර්ක ශක්තිය වැඩිවීම හා අවකාශමය කුසලතා (Sචැජස් Sනසකකි) යනාදිය ළමයා තුළ වර්ධනය කෙරේ. වීඩියෝ ක්රීඩාවේ දුර්ගුණයන් ලෙස සමාජ හුදෙකලාභාවය, ප්රචණ්ඩත්ව ක්රියා සමඟ සම්බන්ධ වීම, වෙඩි තැබීම, මිනී මැරීම, පහර දීම, ආයුධයකින් ඇනීම වැනි හැසිරීම් තත්ත්වයන්ට ළමයා පත්වීමට ඇති ඉඩකඩ අවධානයට ගත හැකිය. එයට හේතුව වීඩියෝ ක්රීඩා ත්රාසය පදනම් කොට වෙඩි තැබීම, ප්රචණ් ක්රියා, ශක්තිය,බලය යෙදවීම යනාදී කථා සමඟ බැඳී පවතී. නූතන සමාජ මාධ්, සම්මත මාධ්යවලට වඩා කරනු ලබන බලපෑම ප්රබලය. සමාජ මාධ් පුද්ගලයාගේ පුද්ගලභාවය හා රුචි අරුචිකම් සමඟ බැඳී පවතී. තනි තනිව මාධ් ඇසුරු කළ හැකි බැවින් තම මනෝ රාජිතයේ පරිධියට සීමාවක්නැත.

එසේම නූතන මාධ් කෙරෙහි ළමයා තුළ ඇති විශ්වසනීයත්වය වැඩි අතර එය ඔවුන්ගේ ඥතියෙකු, මිත්රයකු, දෙමවුපියකු ලෙස ක්රියාකරයි.

බොහෝ බටහිර මාධ් සංදේශයන්හි අන්තර්ගතය තුළ දැකිය හැකි වන්නේ ලිංගිකත්වය හා ප්රචණ්ඩත්වයයි. ආක්රමණශීලීත්වය වැනි වැඩසටහන් නැරඹීමට ළමයා වඩා රුචි කරයි. මාධ් වැඩසටහන් තුළ ඇති ප්රචණ්ඩත්වය ළමයාට ආක්රමණශීලීත්වය සහ සමාජ විරෝධී හැඟීම් ළඟා කර දෙන බවත් අවසංවේදීතාව ළමයා තුළ ඇති කරන බවත් හඳුනාගෙන ඇත. තනි චරිතයක ප්රචණ් ක්රියා කතාවක්තුළ දැකීමට ළමයින් කැමැත්තක්දක්වයි. ඒවා නැවත නැවත නැරඹීමට ඔවුන් ප්රිය කරන අතර වරදට දඬුවම් නොලැබෙන චරිත අනුකරණයට රුචිකත්වයක්දක්වයි. පවුල් කතාන්දරවල පවතින ප්රචණ්ඩත්වය හා ආක්රමණශීලීත්වය නැරඹීමට වැඩි කැමැත්තක්දක්වන බව සනාථ වී ඇත. ළමයාට අනවශ් අන්තර්ගතයන් බොහෝ වැඩසටහන්හි දක්නට ලැබෙන බව ප්රකට මතයකි.

දැන්වීම්, කාව්, වෘතාන්ත වැනි වැඩසටහන් විෂයෙහි පවත්නා ලිංගික ප්රකාශනයන්ට අප රට අවධානය යොමු කළ යුතුව ඇත. ළමයා සහ සම්බන්ධ මාධ් දැන්වීම් කලාව අධ්යයනය කරන විට ද්රව්යමය ආකල්ප ළමයා තුළ ගොඩනැගීමට දැන්වීම් ඉවහල් වන බවත්, ළමා හිමිකම් පිළිබඳ මුලාවක්ළමයා තුළ ඇති කරවන බවත් හඳුනාගෙන ඇති කරුණකි. විශේෂයෙන් ළමයා නොවටිනා ඉදිරියේ ඉන්ද්රජාලික සිහිනයක්මැවීමට දැන්වීම් මායාව සමත් වේ.

ශාරීරික විද්යාත්මකව පරිගණකය සහ රූපවාහිනිය නිසා අක්ෂි දුර්වලතා ඇතිවන බව හඳුනා ගෙන තිබේ. මනෝවිද්යාත්මකව ළමයාගේ ස්වයංභාවයෙහි ඇතිවන දුබලතා, අනන්යතාවයෙහි විකෘතිතා සහ පරිකල්පන ශක්තියෙන් හීනතා යනාදියන් ඇති විය හැකි බව හඳුනාගෙන තිබේ..

එසේම ළමයා තම පවුලේ සාමාජිකයන් සමඟ හැසිරෙන කාලය මාධ් නිසා අඩුවන බවත් අධ්යාපනික කටයුතු කෙරෙහි දක්වන අවධානය අඩු වන බවත් වැරදි අගයන් ආකල්ප හා විශ්වාස කෙරෙහි ඇඳී යන බවත් හඳුනාගෙන තිබේ. ළමයාගේ නිදාගැනීම හා සම්බන්ධ ගැටලු මාධ් ඇසුර සමඟ බැඳෙන බව ඇතැම් අධ්යයනවලින් පැහැදිලි කෙරේ.

මාධ් තුළින් සිදුවන ඵලදායී බලපෑම් සම්බන්ධයෙන් සලකා බලන විට ළමයා නව සමාජයක්‌, නව පෞරුෂයක්සහ නව ලෝකයක්කෙරෙහි හැසිරවිය හැකි බලයක්මාධ් සතු වේ. ශාරිරික හා ඉන්ද්රිය වර්ධනය, හැඟීම් සංවර්ධනය, සමාජ අවබෝධය, සමාජ සම්බන්ධතා හා භාෂා වර්ධනය කෙරෙහි යහපත් බලපෑම් මාධ් තුළින් සිදුවන අතර රටක මාධ් ප්රතිපත්ති සම්පාදනයේදී ගැන වඩාත් අවධානය යොමු කළ යුතු වේ.

අධ්යාපනයට විශාල සහායක්මාධ් තුළින් ලබා ගත හැකිය. භාෂා ඥානය වර්ධනය කිරීමෙහිලා මාධ් බොහෝ සෙයින් බලපානු ඇත. සන්නිවේදන කුසලතා වර්ධනය කෙරෙහි මාධ් වැදගත් වේ. විශේෂයෙන් සමාජ ප්රවණතා දැනුවත් කිරීම සම්බන්ධයෙන් මාධ් ළමයාට ඵලදායී බලපෑමක්එල්ල කරයි. සමාජය සමඟ අන්තර් ක්රියාකාරීව හැකියාව සහ සමාජ සහභාගීත්වය ප්රවර්ධනය කිරීමෙහිලා මාධ් ඉතා වැදගත් වේ. ළමයාගේ ස්වයං අත්හදා බැලීමේ විෂයෙහි වර්ධනය කිරීමටත් නිර්මාණාත්මක ක්රියාකාරකම් කෙරෙහි යොමුකිරීමටත් පුද්ගල අනන්යතා සංවර්ධනය තිරසාර අවධානයන් ශක්තිමත් කිරීමට මාධ් ඉවහල් කොට ගත හැකි වේ.

සංගීතය ළමයා වඩාත් ප්රිය කරන ප්රවණතාවකි. එය ඔවුන්ගේ දෛනික ජීවිතයේ කොටසක්ලෙස පවතී. ඔවුන්ගේ හැඟීම් හා දැනීම් ප්රකාශයට සංගීතය බලවත් වේ. එසේම ඔවුන්ගේ සිහින හා බලාපොපරොත්තු සංගීතය තුළින් පෝෂණය කර ගනී. ඇතැම් සංගීත ප්රවණතාවන් උදෙසා අනවශ් ආකාරයෙන් මෝහනයට හෝ විරේචනයට භාවිත කරන බව හඳුනාගෙන තිබේ. ඵඡ3 සචදාs හා සෙලියුලර් දුරකථන මොවුන්ගේ මේ සිහිනකරණයේ මෙවලම් වේ. මේ සියල්ල පැහැදිලි කරන්නේ ශ්රී ලංකාව තුළ මාධ් හා සම්බන්ධ නියාමන, ආචාර ධර්ම, ප්රතිපත්ති සම්පාදනයක ඇති අවශ්යතාවයි

මහාචාර්ය ආරියරත්න ඇතුගල